Wednesday, 14 June 2023

කොහොඹා කංකාරිය - උඩරට නර්තන සම්ප්‍රදාය


උඩරට නර්තන සම්ප්‍රදාය

කොහොඹාකංකාරි ශාන්ති කර්මය.









  • උපත් කතාව.
කොහොඹා කංකාරිය උපතට තුඩු දුන් පුවත මෙසේය. විජය රජු කුවේණියට දුන් පොරොන්දු කඩ කොට දරු දෙන්නා සමග ඔවුන් පලවා හැරීම නිසා කුවේණිය විසින් රජුට ශාප කරන ලදී. මෙම සාපය පඩුවස්දෙව් රජුට බලපා ඇති බවත් ඉන් පඩුවස්දෙව් රජු දිවි දෝශයකින් රෝගාතුර වූ බවත් කියැවේ. මේ බව දැනගත් සක්දෙව් රජු මෙය සුව කළ හැක්කේ මලෙන් උපන් මලය රජුට පමණක් බව දැන ගත්තේය. මලය රජතුමා ගෙන්වා ගැනීමේ කාර්යය ඊශ්වර ට භාර දෙන ලදී. සක්දෙව් රජුගේ නියෝගය පිළිගත් ඊශ්වර මලය රජු ගෙන්වීමට  උපක්‍රමයක් යොදන ලෙස  රාහු අසුරේන්ද්‍රට පවරන ලදී. උරු වෙසක්(වරහා අවතාරය ලෙසද හදුන්වයි) මවා ගත් රාහු අසුරේන්ද්‍රයා මලය රජුගේ මඟුල් උයන පරික්ෂාවට ලක් කරන්නට උයනේ සැරි සරන්නට විය. උයන්පල්ලා මේ පිලිබදව මලය රජුට  සැළකර සිටි හෙයින් රජුගේ සොහොයුරන් වන සදලිදු හා කිත්සිරි තවත්  දසදහසක් පිරිසද සමග  මලය රජු ඌරා ලුහු බැන්දේය.ඌරා පසු පස එළවා ආ පිරිස ඌරා තොටින් ලංකාවට පැමිණ මහනුවර හන්තාන කන්ද දක්වා ගෙන එනු ලැබීය. මලය රජු උරා අල්ලා ගත් අවසානයේ ඌරාට දුන්නෙන් පහර දෙන විට ඌරා ගල් විය. මේ අවස්ථාවේ සක්දෙව් රජ පෙනී සිට මලය රජු මෙරටට ගෙන්වීමට හේතු සැලකර සිටිනු ලැබීය. පසුව මලය රජු පඬුවස්දෙව් රජු හමු වී කරුණු විමසා එතුමාගේ උයනේ විසිතුරු රගමඩලක් සාදවා හැටපස් මංගල්‍යයක් කොට රජුගේ සිත සතුටු කොට රෝගය නිවාරණය කළ බැව් කියවේ.මලය රජු අනුරාධපුර වැලි හෙල ග්‍රාමයේ කොහොඹ ගසක් යට දිය නාමින් සිටි කුමාරවරු 3න් දෙනෙක් මරා නොමරා යක් කර මෙම ශාන්තිකර්මය පවරා දෙන ලදි. එදා මෙදා තුර පැවති හැටපස් මංගල්‍යය කොහොඹා කංකාරිය නම් වේ. මෙම පුරාවෘත්තය සුළු වෙනස්කම් සහිතව කංකාරි උත්සවයේ පසුතලයට සම්බන්ධ වී පවති .


  •  කොහොඹා කංකාරියේ චාරිත්‍ර විධි

අගහස් වෙන් කිරීම

රුක් පේ කිරීම

කප් සිටුවීම

නර්තන ගායන සහ වාදන ඉදිරිපත් කිරීම

මුරුතැන් පිසීම 

නානුමුර මංගල්‍ය

පුදා වැඩීම

පේ බත් යැදීම

කඩවර ගොටුව දීම

දෙයියන්ගෙ දානය දීම

අයිලේ කට කැපීම

යක්දෙස්සන් පේ වීම

ආභරණ අයිලයට වැඩමවීම

කප් ගැලවීම


  • කංකාරියේ එන ප්‍රධාන නර්තන අංග


කුවේණි අස්න

කොහොඹා හෑල්ල

මඩු පුරය

යක් ඇනුම

දුනුමාලප්පුව

කෝල්පාඩුව

ආවැන්දුම

හත්පදය

මල්හත් පදය


  • නාට්‍යමය පෙළපාළි.

ගබඩා කොල්ලය

ගුරුගේ මාලාව

යක්කම් පහ

දාන පහ 

මුවමල විදීම

කතා පහ

මරා ඉපැද්දවීම


  • ගායන අවස්ථා

කෝල්මුර කවි

මල් යහන් කවි

මඩුපුරයේ කවි

මහා යාතිකාව

අයිලේ යැදීම

හඟල යැදීම

මූලික හැඳින්වීම

දේශීය නර්තන සම්ප්‍රදායන් පිළිබඳව මූලික හැඳින්වීම.





  ප්‍රධාන වශයෙන් මෙරටට ආවේණික වූ දේශීය නර්තන සාම්ප්‍රදායන් තුනක් දැකිය හැකි ය. 

  • උඩරට නර්තන සාම්ප්‍රදාය.
  • පහතරට නර්තන සම්ප්‍රදාය.
  • සබරගමු නර්තන සම්ප්‍රදාය.

 උඩරට නර්තන සම්ප්‍රදාය.




  • ප්‍රචලිත ප්‍රදේශ.
මහනුවර, උඩුනුවර,යටිනුවර,හාරිස්පත්තුව,සත් කෝරලය, සතර කෝරලය, දුම්බර
  • ප්‍රධාන ඇඳුම් කට්ටලය.
වෙස් ඇඳුම් කට්ටලය.
  • ප්‍රධාන ශාන්තිකර්මය.
කොහොඹා කංකාරිය.
  • ප්‍රධාන වාද්‍ය භාණ්ඩය.
ගැටබෙරය.


පහතරට නර්තන සම්ප්‍රදාය.




  • ප්‍රචලිත ප්‍රදේශ.
ගාල්ල, මාතර, බෙන්තර, මිරිස්ස, අම්බලංගොඩ
  • ප්‍රධාන ඇඳුම් කට්ටලය.
තෙල්මේ ඇඳුම් කට්ටලය
  • ප්‍රධාන ශාන්තිකර්මය.
දෙවොල්මඩු ශාන්තිකර්මය
  • ප්‍රධාන වාද්‍ය භාණ්ඩය.
යක් බෙරය


සබරගමු නර්තන සම්ප්‍රදාය.



  • ප්‍රචලිත ප්‍රදේශ.
රත්නපුර, බලංගොඩ, කුරුවිට, 
  • ප්‍රධාන ඇඳුම් කට්ටලය.
පබළු ඇඳුම් කට්ටලය
  • ප්‍රධාන ශාන්තිකර්මය.
පහන්මඩු ශාන්තිකර්මය
  • ප්‍රධාන වාද්‍ය භාණ්ඩය.
දවුල



මීට අමතරව දඹාන ආශ්‍රිත ව ජීවත්වන ආදිවාසී ජනතාව සමඟ බද්ධ වී ඇති කිරිකොරහ නැටීම වැනි සම්ප්‍රදායික නර්තන අංගයන්ද දැකිය හැකි ය.







කොහොඹා කංකාරිය - උඩරට නර්තන සම්ප්‍රදාය

උඩරට නර්තන සම්ප්‍රදාය කොහොඹාකංකාරි ශාන්ති කර්මය. උපත් කතාව. කොහොඹා කංකාරිය උපතට තුඩු දුන් පුවත මෙසේය. විජය රජු කුවේණියට දුන් පොරොන්දු කඩ කොට...